හදිසි අනතුරු ඇඟවීමේ සංඥාව ඇසෙන විට ඔබ කළ යුත්තේ කුමක්ද?
ප්‍රකාශිත වේලාව: 2026 මාර්තු 5 | පස්වරු 8:13 (UAE වේලාවෙන්)
මීට සුළු මොහොතකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා දුරකථනවල හදිසි අනතුරු ඇඟවීමේ සයිරන් නාදය (Emergency alert siren) නාද විය. එවැනි අවස්ථාවක ඔබ කළ යුතු දේ මෙන්න:
ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්න: ඔබ විවෘත ස්ථානයක සිටින්නේ නම්, වහාම අසල ඇති ගොඩනැගිල්ලක් වෙත යන්න.
ජනෙල් සහ දොරවල්වලින් ඈත්ව සිටින්න: කාමරයක් හෝ ගොඩනැගිල්ලක් ඇතුළත මැද දෙසට (Inwards) වන්නට සිටීම වඩාත් සුදුසුය.
ප්‍රහාර මැඩපවත්වන දර්ශන රූගත කිරීමට හෝ බැලීමට පිටතට නොයන්න: ඔබ සිටින ආරක්ෂිත ස්ථානයෙන් පිටතට පැමිණීමට පෙර, තත්ත්වය සමනය වූ බවට ලැබෙන “All clear” පණිවිඩය ලැබෙන තෙක් රැඳී සිටින්න.
මූලාශ්‍රය: [එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය / Khaleej Times]
