Electric bus service inagurated

විදුලි බස් සේවාවක් අරඹයි

සෞදි අරාබිය විදුලි බස් සේවාවක් ආරම්භ කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මදීනා ගුවන් තොටුපළ සහ නබිතුමාගේ පල්ලිය අතර මෙම විදුලි බස් සේවාව ආරම්භ කර ඇත.

විශේෂිත ධාවන පථයක් හරහා මෙම බස් සේවාව ක්‍රියාත්මක වන අතර එක් ආරෝපණයකින් කිලෝමීටර 250 ක දුරක් ගමන් කිරීමට හැකි වේ.

ධාවන පථයේ දිග කිලෝමීටර් 38 ක් වන අතර, මෙම නව සේවාව දිනකට පැය 18ක් පුරා ගමන් වාර 16කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

උසස් වායු සමීකරණ පද්ධතියක්, ගමන් විස්තර පෙන්වන තිර සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා වෙන් කර ඇති ආසන ඇතුළත් වේ.

Share this
article :
Facebook
WhatsApp
Twitter
Telegram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *