Api dubai radio
About Us

අපි ගැන

අපගේ දැක්ම

අපගේ ප්‍රධාන අරමුණ වනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලක්ශ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය රසිකයින් පිරිස එකතු කර ගැනීමයි.

සිරි ලංකා මාතාවට ආදරය කරන අපේම මිනිසුන් සමහර අවස්ථා වලදි අසරණ වී එක තැනක කොටු වී තමන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පීඩනයක් සමග, තනිවම දරාගෙන මෙහි වැඩ කටයුතු කරමින් වාසය කරයි.

ඔවුන්ගේ හදවත් වලට සමීප වන්න හොදම ක්‍රමය අන්තර්ජාලය හරහා ඔවුන්ව තේරුම් ගෙන, ඔවුන් සමග ඔවුන්ගේ වටිනා කාලය අපිත් සමග ගත කරන්න කාලය සකසා ගැනීමයි- එසේ අප සිතන්නට ඇති ප්‍රධාන කරනු වනුයේ, මෙහි වෙසෙන ශ්‍රී ලාංකික පිරිසගේ වැඩි පිරිසක් ගෘහස්තව සේවය කිරීමයි.

බහුතරයක් අන්තර්ජාල සබදතා පවත්වාගෙන යාමට වයිෆයි හෝ ඩේටා වැය කිරීමට විශාල මුදලක් වැයකරන්න සිදුවීමෙන්, ඔවුන් සරල දේකට,එනම් එමීරයේ ති ලාංකික තොරතුරු බෙදා ගැනීමට අපගේ අපි ඩුබායි රේඩියෝව බාවිතා කිරීමයි- ඉතින් මේ හරහා ඔවුන්ට තව තවත් අපිට ලං වීමේ හැකියාව ඇති බවට මේ වනවිටත් ඔප්පු වී හමාරය.

මෙහි සිටින විශාල පුද්ගලයින් පිරිසක් වංචාවන්ට හසුවී අසරණවී සිටී-ඔවුන්ට නිවරැදි තොරතුරු ලබාදී ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමට අපි ඩුබායි හරහා අවස්ථාව ලබා දී තිබෙනවා-මෙම රට තුල සාධාරණ සහ අසාධාරණව ජීවත් වන ව්‍යාපාරකයින් සිටී-අපගේ දැක්ම වනුයේ එම සාධාරණ ව්‍යාපාරකයින් හා එකතු වී ඔවුන්ගේ ව්‍යාපාරයට ශක්තියක් වෙමින් මෙය තවත් දුරටත් ඉදිරියට ව්‍යාප්ත කිරීමයි-අපගේ දැක්ම වෙනුවෙන් අපත් සමග අත්වැල් බැදගන්නා මෙන් ආරාධනා කර සිටිමු.

Api dubai radio

අපේ වැඩසටහන් ගැන

api dubai tharu waruwa

තරු වරුව

මැදපෙරදිග වැඩ කරන ලාංකිකයින් සතුව ඔවුන්ගේම ගීත ඇත්නම් ඒවා මෙරට තුල
ප්‍රචලිත කිරිම තුලින් ශ්‍රි ලාංකික මිනිසුන්ගේ හදවත් තුලට යෑම

දවසේ පුවත්

මෙරට තුල එදිනෙදා සිදු වන දෑ ලාංකික අපිට අවශ්‍ය තොරතුරු ඔහුන්ට අසන්නට
දකින්නට සැලැස්වීම

අපි ඩුබායි ඇස

මෙරට අසාධාරණයට ලක් වූ පිරිසගේ සත්‍ය පැත්ත කතා කර දී, එවැනි අව්‍යාජ
දෙවල් වලින් ඇත් වී හරි දේ කිරීමට පාර පෙන්වීම

උදෑසන ආගමික වැඩසටහන්

බෞද්ධ හා කිතුනු බැතිමතුන් වෙනුවෙන් ආගමික කටයුතු සමග ඔවුන්ට දවසේ වැඩ කටයුතු පටන් ගැනීමට ඔවුන්ට ශක්තියක් වීම

ව්‍යාපාර

මෙහි ව්‍යාපාර ස්ථාන තුලට ගොස් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමේ
වැඩසටහන්

සංගීත ප්‍රසංග

සති අග ඒක පුද්ගල සංගීත ප්‍රසංග

දවස පුරා ආදරණීය වැඩසටහන් දියත් කිරීම සමග අපේ ශ්‍රාවකයින් සමග දවස ගෙන යෑම

අපගේ කණ්ඩායම

අපගේ කණ්ඩායම පිලිබද සදහන් කලහොත් ඉතාම ඉහල පළපුරුදු කාර්යක්ශම කාර්ය මණ්ඩලයක් අපි සතුව ඇති බව සතුටින් මතක් කරමු.එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සහ ශ්‍රී ලංකාව තුල වසර ගණනාවක සමාජ මාධ්‍ය සහ රූපවාහිනි මාධය ජාලය තුර පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටින්නෙමු- නව තාක්ශණය සමග මෙම ගමන යෑමට අප සියලුම දෙනාගේ ක්තිය අපිට මහ මෙරක් වැනිය- ඉතාම කෙටි කාළයක් තුල අපගේ ලාංකික හදවත් වලට ලං වීමට අපිට වාසනාව ලැබුනේ ඒ නිසාවෙනි.

A+

4.6/5

අප සතුව ඉතාම ඉහල මට්ටමේ තාක්ශණික මෙවලම් සහ තාක්ශණික අවබෝධය ඇති බව සතුටින් මතක් කරන්නෙමු.

සාර්ථක ව්‍යාපෘතියක් පවත්වාගෙන යෑමට විශාල මුදලක් සහ විශාල ශ්‍රමයක් අවශ්‍ය වේ- එම සියලු දේ ඉතා සාර්ථකව සහ සතුටින් එමිර් රාජ්‍ය තු ළ අපගේ ගමන ආරම්භ කර ඇත- මෙරට සහ ලංකාවේ වෙසෙන විශාල පිරිසක් අපිට ශක්තියක් වෙමින් අපිව දිරිමත් කරයි- අපගේ කණ්ඩායමද ඉතාමත් සතුටින් මේ කාර්යන් වලට මුහුණ දෙමින්, ඉදිරියටම යමින් සිටී.

අප සතුව ඉතාමත් ජනප්‍රිය යූටියුබ්, ෆෙස්බුක්, ටික් ටොක්, ඉන්ස්ට්ග්‍රෑම් සහ වෙබ් අඩවි ගණනාවක් ඇත-මෙය හරහාද අපගේ අපි ඩුබායි රේඩියෝව තව තවත් ශක්තිමත් වී ඇත- අපි ගැන තවත් කරුණු රාශියක් කතා කිරීමට ඇතත් මේ තොරතුරු හරහා අපගේ කණ්ඩායම සහ අපි ගැන හොද අවබෝදයක් ලැබි ඇති බව අපි විශ්වාස කරන්නෙමු.