Arm Bands for children in mecca

ළමුන් හඳුනාගැනීමේ අත් පළඳනා පළඳවයි

සෞදි අරාබියේ මක්කම නුවර වන්දනාවේ පැමිණ අතරමං වන ළමුන් හඳුනාගැනීමේ අත්-පළඳනා නිල වශයෙන් පැළඳවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

“ඔබේ දරුවන් අප සමඟ ආරක්ෂිතයි” යන වැඩසටහනේ කොටසක් ලෙස මෙම අත්-පළඳනා ලබාදීමට කටයුතු කර ඇත.

දරුවාගේ නම සහ දෙමාපියන්ගේ දුරකථන අංකය මුද්‍රණය කර ඇති අතර, යම් දරුවෙකු අතරමං වුවහොත් ආරක්ෂිතව සොයා ගැනීමට හැකි වේ.

ප්‍රධාන ගේට්ටු  අසල ඇති බෙදා හැරීමේ ස්ථානවලින් අත්පළඳනා ලබා දෙයි.

Share this
article :
Facebook
WhatsApp
Twitter
Telegram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *